Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ලක්ෂ්මන් යාපාගේ ප්‍රකාශය කුමන්ත්‍රණයක්..!


2018-12-14 14858

“බහුතරය හිමි පාර්ශවයට ආණ්ඩුව දෙන්න ජනපති සුදානම්”

“රනිල් වික්‍රමසිංහ එක්ක ආණ්ඩු නොකරන බව ජනපති කිව්වේ නැහැ”

(සුජිත් මංගල ද සිල්වා)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට ගරු කරන නමුත් රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු කිරීමට තමාගේ කිසිඳු අදහසක් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තරයේ කියා සිටී බවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා ජන මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය යැයි ජනාධිපතිවරයාට ඉතා සමීප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග හෙළි කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලකෂ්මන් යාපා අබේවර්ධන මහතා කර ඇති මේ ප්‍රකාශය පැහැදිළිවම කුමන්ත්‍රණයක් ලෙස සැලකීමට සිදු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග බ්‍රහස්පතින්දා (13) සවස ජනාධිපති කාර්යාලයේ පැවැත් වූ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අවසන්වීමටත් පෙර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හදිසියේම එම රැස්වීමෙන් නැඟිට වේගයෙන් පිය ගැට පෙළ බැස ගෙන දුවගෙන   ගිය ආකාරය සියලු දෙනාගේ අවධානයට සහ සැකයට තුඩු දුන් බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජ්‍යෙෂ්ඨ නායකයා “lankanewsweek” සමග කරුණු පැහැදිළි කළ ආකාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කළ ප්‍රකාශය මෙසේය.

“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට මම ගරු කරනවා.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අප වැඩ කළ යුතුයි.ඒ අනුව රටේ ආණ්ඩුව හැදීමට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන කණ්ඩායමට අවස්ථාව ලබාදීමට මට සිදු වෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒ ආණ්ඩුවට පූට්ටු කරන්න මම ඉඩ තබන්නේ නැහැ.ඒ වෙනුවෙන් මම අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෝ මහා සම්මේලනය කැඳවා යෝජනා සම්මත කරන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඕනෑම අයෙකුට පුද්ගලිකව ඒ ආණ්ඩුවට යන්න පුළුවන්...ඒ අය එසේ ගියා කියා මම ඒ අයට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ඒ අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්නේ නැහැ.හැබැයි එහෙම ආණ්ඩුවට යන කවුරුවත් නැවත මා ළඟට එන්න නම් එපා.

කිනම් හෝ අවස්ථාවක මට ද අත් වන්නේ මොහොමඩ් ගඩාෆිට අත් වූ ඉරණම යැයි සමහරුන් කියනවා.එහෙත් මම මේ ස්ථාවරයට පැමිණ මේ සටන ගෙන ගියේ රටත්,ජනතාවත්,ස්වදේශිකත්වයත් වෙනුවෙන්යි.

විජාතික බලවේග මේ රට-ජනතාව සුරා ගෙන කන්නේ කෙසේ ද කියා දන්නේ මේ පුටුවේ ඉඳ ගෙන සිටින මමයි.ඒ අනුව  ස්වදේශිකත්වයත් වෙනුවෙන් මේ සටන මම ආරම්භ කළේ ඒ විජාතික බලවේගවලට සහ ඒ අයට මේ රට ජනතාව සුරා ගෙන කන්න ඉඩ දෙන පාර්ශවයන්ට එරෙහිවයි.ඒ අනුව ඒ සටන මම අඛණ්ඩවම ඉදිරියට ගෙන යනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා (14) ලබා දෙන තීන්දුවත් දෙස බලා අප සියලු දෙනාම යළි හමුවී සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනිමු.මේ රට අරාජික වීමට ඉඩ හැර බලා සිටීමට මට හැකියාවක් ඇත්තේ නැහැ.”

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment